hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 22, පෙ.ව. 11:34



කුර්දිස්ථානයේ ශ්‍රි ලංකා කන්සියුලර් ජනරාල් ආචාර්ය අහමඩ් ජලාල් (Dr. Ahmad Jalal) මහතා ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් ඊයේ (21) දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි අසීස් මහතා හමු වුණා.

එහිදී කුර්දිස්ථානයේ වැඩි රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස කාර්යාංශ සභාපතිතුමා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා කුර්දිස්ථාන රජයේ අදාළ අංශ සමග සාකච්ඡාකර අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බව මහ කොමසාරිස්වරයා දන්වා සිටියා.

මෙම හමුවෙන් අනතුරුව විශේෂ දූත පිරිස කාර්යාශයේ තොරතුරු තාක්ෂණ, අනුමැති හා සමථ යන අංශ නිරීක්ෂණය කරන ලද අතර, එම අංශ මගින් විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රි ලාංකිකයින්ට ලබාදෙන සේවාවන් පිළිබඳවද සොයාබලන ලදී.