hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:46



සඳුදා දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව, බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 334 සීමාව ඉක්මවා ගොස් ඇත.

සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.35 සිට රු. 325.15 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 333.60 සිට රු. 334.40 දක්වා ඉහළ ගොස් තිබේ.

NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.20 සිට රු. 325.00 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 333.20 සිට රු. 344.00 දක්වාත් ඉහළ ගොස් ඇත.

මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.60 සිට රු. 325.93 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 332.65 සිට රු. 334.01 දක්වා ඉහළ ගොස් තිබේ.

වාණිජ බැංකුවේ (Commercial Bank) ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 322.60 සිට රු. 323.35 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 332.50 සිට රු. 333.25 දක්වාත් ඉහළ ගොස් ඇත.

සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 325.00 සිට රු. 326.00 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 333.00 සිට රු. 334.00 දක්වා ඉහළ ගොස් තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: