hit counter

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2023 ජූලි 22, ප.ව. 3:45



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (22) නිවේදනය කළා.

ඒ, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.

අද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් තමන් සමුගන්නා බව ලහිරු තිරිමාන්න නිවේදනය කළේය.

ඔහු සිය සමුගැනීමේ සටහන තබමින් සඳහන් කළේ, “ක්‍රීඩකයෙක් විදියට මම මගේ උපරිමය මගේ රට වෙනුවෙන් ලබාදුන්නා.. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා. මම ක්‍රීඩාවට ගරු කළා.. මම මගේ මව්බිම වෙනුවෙන් අවංකව සහ සදාචාරාත්මකව මගේ යුතුකම ඉටුකර තිබෙනවා.”

“මෙම තීරණය ගැනීම මට අපහසු වුණා.. නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙම තීරණය ගැනීමට මට බලපෑ බෝහෝ හේතු මෙහි සඳහන් කරන්න බැහැ.” යනුවෙන් ඔහුගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.