2023 අගෝස්තු 01, ප.ව. 4:00
ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ අලුත්ම ගීතය ‘මතුවෙන්න’ ගැන එක එක විදියේ කතාබහ පහුගිය දවස් කීපය පුරාම සමාජ මාධ්‍ය තුළ පැතිරුණා.
‘මතුවෙන්න – The Diamond Story’ නමින් නම්කරලා තියෙන මේ ගීතය පුරාම තියෙන්නේ ඩයමන්ඩ් එකක් ගැන කතාවක්.
අපි ගොඩක් දුරට දැකලා තියෙන්නේ ජය ශ්‍රී ලා ප්‍රසංග වේදිකාවේ ගායනා කරන ගීතයි. ඒත්, ‘මතුවෙන්න’ ගීතය විශේෂ වෙන්නේ කාලෙකට පස්සේ ජය ශ්‍රී ලගේ හඬින් ගැයෙන, ලස්සන රූප රචනාවක් නිර්මාණය කෙරුණු ගීතයක් නිසයි.
ජය ශ්‍රී ලා පහුගියදා නිකුත් කරපු මේ ගීතය ඔවුන්ගේ යූ ටියුබ් නාලිකාවෙන් දැකගන්නට හැකියි. ලංකාවේ සතර දිග්භාගය පුරා ඇවිදලා කරපු මේ ගීතයේ ලංකාවේ ලස්සන තැන් දැකබලාගන්නටත් පුළුවන්.
දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ ලංකාවේ ආකර්ශණීය තැන් ගණනාවක මෙහි රූපගත කිරීම් කරලා තියෙනවා.
‘‘සැනසුම මෙතැනයි
දිවිය විඳින්නට
තවත් නැත කාලයක්
රුවිත අතේ ඇති
ජවය හිතේ ඇති සොයා හරි මාවතක්
හෙට පූදින හිරු කිරණ පෙරටු කොට
තුරුම්පුවක් වෙන්න
අපේ ලොවේ යළි උදානයට ජය පාර කියාදෙන්න’’
ජය ශ්‍රී මේ ආරාධනය කරන්නේ අපේ තාරුණ්‍යයටයි. ජවය තියෙන කාලයේ ‘තුරුම්පුවක්’ වී සතුටින් ඉන්නට ජය ශ්‍රී ලා මේ ගීතයෙන් ඔවුන්ට ආරාධනා කරනවා.
දියමන්තියක් වගේ තමන්ගේ හැකියාවන් ඔප මට්ටම් කරගෙන මතුවෙන්නටයි මේ ආරාධනය.
මේ නිසාම ඩයමන්ඩ් සංකේතය ‘මතුවෙන්න’ ගීතය පුරාම දැකගන්නට හැකියි. මේ ඩයමන්ඩ් සංකේතය මොකක්ද කියන එක ජය ශ්‍රී රසිකයින්ටත් කුකුසක් මතුවෙලා තියෙන බව මේ ගීතයට ලැබිලා තියෙන ප්‍රතිචාර වලින් දැකගන්නට හැකියි.
ජය ශ්‍රී ගායනයෙන් හැඩවුණු මේ ගීතයේ පද රචනය වගේම රූප රචනය කරලා තියෙන්නේ සමන් අමුණුකන්ද. සංගීතය රැප්සිලා (සාරංග දිනේෂ්). ‘මතුවෙන්න’ විඳගන්න.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05