2023 අගෝස්‍තු 03, ප.ව. 4:45
බුදුරජාණන් වහන්සේගේ පරම පිවිතුරු පා පහස ලත් උත්තුංග මහා පුණ්‍ය භුමියේ වැඩසිටිනා දීඝවාපි මහා සැ රදුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා.
එම මහා පුණ්‍ය කර්මයට ලක්වාසී හා ලෝකවාසී ජනතාවගේ නොමසුරු ආධාර මුදල් ලබාගැනීමේ අරමුණින් “දීඝවාපියට ගඩොලක්” යන සංකල්පයෙන් යුතුව විශේෂ වැඩසටහනක් පසු ගිය ජූලි 30 වන දින දීඝවාපි පුදබිමෙහි සිදු කෙරුණා.
මේ සඳහා දහස් ගණනින් සැදැහැවතුන් එක් රැස් වූ අතර, සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ මෙම මහා පුණ්‍ය කර්මයට ප්‍රධානත්වය ගෙන කටයුතු කළා.
මෙම මහා පුණ්‍යකර්මයට අරමුදල් සපයනු ලබන්නේ දානපතියන්ගේ ආධාර මුදලින් ගොඩනැඟුණු දීඝවාපිය අරුණ භාරය; අරමුදල මඟින්.
දීඝවාපි සෑ අතීත ශ්‍රී විභූතිය පියවි ඇසින් ලෝකවාසී දනන් හට දැකබලා ගැනීමට දායකත්වය ලබාදිය හැකි උදාරතර පිංකම වෙනුවෙන් සත්සිත් ඇති ඔබගේ නොමසුරු ආධාර මුදල් ලංකා බැංකුව තැප්‍රෝබේන් ශාඛාවේ ගිණුම් අංක – 86860000 දරණ “දීඝවාපිය අරුණ“ ගිණුමට බැරකළ හැකි බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය නිවේදනය කරනවා.
තවද, රු.200.00 ක මුදලක් ගෙවා ස්තුප ගඩොලක් සඳහා ද, රු.1200.00 ක මුදලක් ගෙවා ස්ථූපයේ ඝන අඩියක් නිම කිරීම සඳහා ද, ගඩොලින් ගඩොල ඉදිවෙන දීඝවාපිය මහා සැ රදුන් උදෙසා බැතිබර ඔබට සම්මාදම් විය හැකියි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.deegawapiya.lk දරණ වෙබ් අඩවියෙන් හා deegawapiyaaruna@gmail.com දරණ ඊමේල් හරහා හෝ දුරකථන අංක 011 2430860-78 අංකයන්ගෙන් හෝ විස්තර ලබාගත හැකියි.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:51
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:34
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05