hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 03, ප.ව. 5:05



පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීමට අදාළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයාට ඊයේ (02) යොමුකර තිබෙනවා.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සංශෝධනයට අදාළ සිංහල පිටපත, දෙමළ පිටපත, ඉංග්‍රීසි අනුවාදය හා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු යෝජනාව යන ලේඛන 04 වැඩබලන මහලේකම්වරයාට ඉදිරිපත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: