hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 අගෝස්‍තු 05, පෙ.ව. 2:16



ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මෙම වර්ෂයේ (2023) මුල්මාස හතර තුලදි රුපියල් මිලියන 7,386ක දළ ලාභයක් වාර්තාකොට ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට ජලය සදහා නව ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරිමත් සමග 2023 වර්ෂයේ පළමු මාස හතර තුල ජල සම්පාදන මණ්ඩලයේ ආදායම රුපියල් මිලියන 16,597 ක් දක්වා වර්ධනය වි ඇති බවද මුදල් අමාත්‍යංශය පෙන්වා දෙනවා.

2022 වර්ෂයේ පළමු මාස හතර තුලදී ජලසම්පාදන මණ්ඩලය විසින් රුපියල් මිලියන 483ක අලාභයක් වාර්තා කොට තිබුණා.

එම අලාභයට සාපේක්ෂව මෙම වර්ෂයේ මෙම කාල සීමාව තුල ජලසම්පාදන මණ්ඩලය විසින් රුපියල් මිලියන 2,778ක ලාභයක් ලබාගෙන තිබුණා.

ජලගාස්තුව වැඩිකිරිමත් සමග  මෙම වර්ෂයේ මුල් මාස හතර තුල ජල අලෙවිය ඝන මිටර් මිලියන 196කින් අඩු වුණා.

2022 වර්ෂයේ මෙම කාලය තුල ජල අලෙවිය ඝණමිටර් මිලියන 210ක්.

ගාල්ල – ලලිත් චාමින්ද