hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 05, ප.ව. 3:40



සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එම පක්‍ෂයේ බෞද්ධ උපදේශන කමිටුව මගින් බිල ගෙවා දැමීමෙන් අනතුරුව ඊයේ (4) යළි මිහින්තලා පුදබිමට විදුලිය ලැබුණු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියෝ පැවසූවා.

ලක්‍ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර දැමුණේ 3 වැනිදායි.

නාහිමියෝ මෙසේ ද සඳහන් කළා.

“මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනඥයෙක් හැටියට නොව දායකයෙක් හැටියටයි අපි සලකන්නේ, මේ සියලු බර කරට අරගෙන රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් සිදු කළ ඒ පරිත්‍යාගයට එතුමාටත් ඒ සඳහා සම්බන්ධ වූ සියලු දෙනාටත් මේ මොහොතේ අප පින් අනුමෝදනා කරනවා.”