hit counter

2026 ජනවාරි මස 11 වන ඉරිදා

2023 අගෝස්‍තු 05, ප.ව. 5:13



ගොවි ජනතාවගේ වගාවන් ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව ජලය ලබා දෙන්නැයි ඉල්ලු නිසා තමන්ට ඇමතිකමෙන් ඉවත්වෙන්න යැයි පවසන්නේ නම් ඒ ගැන දෙපාරක් නොසිතා ඇමතිකමෙන් ඉවත්වන බව වාරිමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ගොවීන්ට ජලය ලබා දීම සඳහා සමනල වැවෙන් ජලය මුදා හැරීම ගැන කැබිනට් මණ්ඩලයේදී ඔහු සහ විදුලිබල අමාත්‍යවරයා අතර ඇතිවූ ගැටුම පිළිබඳව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සමනල වැවෙන් කෘෂිකර්මාන්තය සඳහා ජලය මුදාහැරියහොත් විදුලිය කපා දැමීමට සිදුවන බව විදුලිබල අමාත්‍යවරයා කැබිනට් හමුවේදී පවසා ඇතැයි වාර්තාවේ.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: