hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 05, ප.ව. 9:05



මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි පොලිස්පතිවරයා විසින් මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ එහි සභාපති ලෙස පත් කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – බස්නාහිර පළාත – ටී.එම්.ඩබ්.ඩී තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – උතුරු පළාත – කේ.පී.එම් ගුණරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – දකුණු පළාත – එස්.සී මැදවත්ත අණදෙන නිළධාරී – විශේෂ කාර්ය බලකාය – ඩබ්.එස්.ඊ ජයසුන්දර නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – එස්.පී රණසිංහ නියෝජ්‍ය පොලිස්පති – මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය – ඔෂාන් හේවාවිතාරණ නියෝජ්‍ය පොලිස්පති – විශේෂ කාර්යාංශය – ටී.සී.ඒ. ධනපාල අධ්‍යක්ෂක – කොළඹ අපරාධ කොට්ඨාසය – එන්. සිල්වා එහි සෙසු නිලධාරීන් වෙනවා.