2023 අගෝස්තු 06, ප.ව. 7:54
වගාවන්ට අවශ්‍ය ජලය නිදහස් කර දෙන්නැයි ඉල්ලා ගොවීන් පිරිසක් මාතරට ඒමට ඉඩ ඇතැයි කියා ලැබුණු තොරතුරකට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මාතර කොටුවේ පිහිටි නිවසට හා ඒ අවට ප්‍රදේශයට ඊයේ (05දා) උදෑසන සිට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවා.
විශේෂයෙන්ම අමාත්‍යවරයාගේ නිවස දෙසට ප්‍රවේශ වීමට ඇති සියලුම මාර්ගවල පොලිස් මාර්ග බාධක යොදා තිබෙන අයුරු දැක ගත හැකි වුනා.
මාතර කොටු පවුර දොර කඩින් ඇතුළු වන සැක කටයුතු පුද්ගලයින් හා කණ්ඩායම් පරික්ෂා කිරීමටද පියවර ගෙන තිබෙනවා.
ඊට අමතරව හම්බන්තොට දෙසින් මාතරට ඇතුළු වීමට ඇති මාතර වැල්ල මඩම හා කොලඹ දෙස සිට මාතරට ඇතුළු වීමට ඇති කඹුරුගමුව ආසන්නයේ ද විශේෂ පොලිස් මාර්ග බාධක දෙකක් යොදවා තිබෙනවා.
දිවා රාත්‍රී දෙකෙහිම අඛණ්ඩව එම ආරක්ෂක වැඩ පිළිවෙල ක්‍රියාත්මක කර තිබෙන අතර පොලිස් නිලධාරීන් 25 කට ආසන්න පිරිසක් එම රාජකාරිවල යොදවා තිබෙන බව දැනගන්නට තිබෙනවා.
යකඩ මාර්ග බාධක 15 කට වඩා තැන තැන ස්ථාපිතකර ඇති බව දක්නට ලැබෙනවා.
අවශ්‍ය වුවහොත් යුධ හමුදාව කැඳවීමට පවා සැලසුම් කර ඇති බව දැනගන්නට ලැබෙනවා.
කෙසේ වෙතත් ජලය ඉල්ලා මේ දිනවල නියගය පවතින දිස්ත්‍රික්ක වල ගොවීන් අමාත්‍ය කංචන විජේසේකරට බැණ වදින අතර එම සියලු තත්වයන් සැලකිල්ලට ගෙන මෙම විශේෂ ආරක්ෂාව ලබා දී තිබෙනවා.
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:04