hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 07, ප.ව. 6:14



ලෝක පූජිත ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් අද දහවල් පාසල් සහ පෙර පාසල් දරුවන් මුණ ගැසීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියා කලාපීය සුහදතා තානාපතිවරයා ලෙස කටයුතු කරන ඔහු දිවයිනට පැමිණියේ සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායනකගේ ආරාධනාවකට අනුවයි.

මෙහිදී රුවන්වැල්ල- පල්ලේකණුගල කනිෂ්ඨ විද්‍යාලයට ගිය සචින් තෙන්ඩුල්කාර් එහිදී පාසල් දරුවන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත වුණා.

අනතුරුව රුවන්වැල්ල – ගෝනගල ප්‍රදේශයේ පෙර පාසලකට පැමිණි ඔහු දරුවන්ගේ චර්යාවන් පිළිබඳව අධ්‍යයනයක යෙදීමෙන් අනතුරුව ඔවුන්ට ත්‍යාග පිරිනැමීම ද සිදු කළා.