hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2023 අගෝස්‍තු 08, ප.ව. 1:44



බොරැල්ල වෙස්ලි විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර ඊයේ (7වැනිදා) පස්වරුවේ වැල්ලවත්ත කුරේ පිටියේ පැවැති පාපන්දු තරඟයක් අතරතුර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තා වන අන්දමට පාපන්දු තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් පිරිසක් සහ සිසුන් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

ගැටුමින් සිසුන් 40ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වන්නේ.

ගැටුමෙන් තුවාල ලැබූ සහිරා විද්‍යාලයේ සිසුන් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් තිබෙනවා.

ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා වැල්ලවත්ත සහ කිරුළපන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය ප්‍රකාශ කරනවා.