hit counter

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2023 අගෝස්‍තු 08, ප.ව. 8:17



මෙවර LPL තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරන්නට බී ලව් කැන්ඩි නායක වනිඳු හසරංගට හැකියාව ලැබුණා.

ඒ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දු 18කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින්.

වනිඳු පන්දු 27කදී ලකුණු 64ක් ලබා ගත්තා.

මේ නිසාම බී ලව් කැන්ඩි කණ්ඩායම මෙම තරගයේදී පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4කදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 114ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් බී ලව් කැන්ඩි කණ්ඩායමට ලකුණු 89ක ජයක් හිමිවුණා.

පන්දුවෙන් ද දස්කම් පෑ වනිඳු හසරංග ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත්තා.

නුවන් ප්‍රදීප් කඩුලු 3යි.

තරගයේ වීරයා ලෙසින් වනිඳු හසරංග සම්මාන දිනා ගත්තා.