hit counter

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2023 අගෝස්‍තු 09, ප.ව. 7:53



2022 ලෝක කුසලාන T20 තරගාවලිය අතරතුර ස්ත්‍රී දූෂණ චෝදනාවකට අත් අඩංගුවට ගෙන
ඇප මත මුදා හැර ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි ඩව්නිං සෙන්ටර් අධිකරණය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව තුළ දේශීයව සංචාරය කිරීමට අවසර හිමිව තිබෙනවා.

ඔහු ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම් තම සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය සමඟ අවම වශයෙන් පැය 48කට පෙර පොලිසියට දැනුම් දිය යුතු බව අදාළ නියෝගයේ සඳහන් වනවා.

කෙසේ වෙතත්, ඔහුට සතියකට තුන් වරක් පොලිසියට වාර්තා කළ යුතු අතර එක් ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීමට පමණක් අවසර හිමිව තිබෙනවා.

වැඩ බලන විනිසුරු ග්‍රේම් හෙන්සන් සතියේ දින හතරකට සහ මාසය අවසානයේ දින හතරකට ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පිටත්වීම් ස්ථාන වෙත ළඟා වීමේ තහනම ( approaching international departure points) අත්හිටුවීමට පියවර ගත්තා.

ධනුෂ්ක ගුණතිලක නඩුව ලබන සැප්තැම්බර් මාසයේදී කැදවීමට නියමිතයි.