hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2023 අගෝස්‍තු 10, පෙ.ව. 9:09



2023 පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ බාලක මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක සමත්වුණා.

17 හැවිරිදි වියේ පසුවන ඔහු එහිදි දැක්වූ දක්ෂතාව තත්පර 51.61ක්.

එය මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කමයි.

මීට අමතරව නිලුපුල් පැහැසර බාලක උස පැනීමේ ඉසව්වේන් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නා.

ඒ මීටර් 2ක දක්ෂතාවක් දක්වමින්.

එම ඉසව්වට සහභාගී වූ අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූ ලෙසඳු අර්ථවිදු මීටර් 1.95ක දක්ෂතාවක් දක්වමින් සිව්වන ස්ථානය හිමිකර ගත්තා.

මේ අතර ශලනි හංසිකා බාලිකා මීටර් 400 කඩුලු ඉසව්වේදී 4 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.

ඇය විනාඩියයි තත්පර 3යි දශම 44කින් තරගය අවසන් කළ අතර මෙය ශලනිගේ පෞද්ගලික හොදම කාළය ද වනවා.