2023 අගෝස්‍තු 11, ප.ව. 5:04
අර්තාපල්, රතුලූනු, ලොකුලූනු ඇතුළු වෙනත් වගාවන් සඳහා රජය විසින් යම් සහනාධාරයක් ලබාදිය යුතු යැයි ගොවීන් විසින් සිදුකරන ඉල්ලීම් සලකාබලමින් ඔවුන් ලබන අස්වැන්න සැලකිල්ලට ගෙන සහනාධාර මුදලක් ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමුකර තිබෙනවා.
අද (11) ඌව පරණගම, කිරවනාගම ප්‍රදේශයේ දී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය.
අර්තාපල් වගාව ආශ්‍රිතව දැනට පවතින ගැටලු අතර, අස්වැන්න නෙලා ගන්නා අවස්ථාවේ පිටරටවලින් ආනයනය කිරීම දේශීය අර්තාපල්වල මිල අඩුවීමට බලපා ඇති බව ගොවීන් එහිදී පැවසුවා.
මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා පැසුවේ වී වගාව, අර්තාපල් මෙන්ම අනෙකුත් වගාවන්වලදී ගොවීන්ට පාඩු සිදුවීම වළක්වාගැනීමට නම් ඔවුන්ගේ නිෂ්පාදන වියදම් අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
2025 මැයි 24, ප.ව. 4:06
2025 මැයි 24, ප.ව. 3:40
2025 මැයි 24, ප.ව. 12:02
2025 මැයි 24, පෙ.ව. 10:58
2025 මැයි 24, පෙ.ව. 6:03