hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 අගෝස්‍තු 13, පෙ.ව. 8:25



රට තුළ පවතින අධික වියළි කාළගුණික තත්ත්වය ගොවිබිම් පමණක් නොව මේ වනවිට පානීය ජලය සපයා ගැනීමටද අභියෝගයක් වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, මේ වනවිට දිස්ත්‍රික්ක 11කට අයත් පවුල් 49,867ක පුද්ගලයින් 163,111ක් පානීය ජල ගැටලුවෙන් පීඩාවට පත්වී ඇති බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහාවාරි ව්‍යාපාර 73න් 42ක සක්‍රිය ජල ධාරිතාව මේ වනවිට 30% දක්වා අඩුවී තිබෙනවා.

ජාතික ජලම්පාදන මණ්ඩලය ඊයේ (12) ප්‍රකාශ කළේ, දිවයින පුරා ක්‍රියාත්මක ජලසම්පාදන මෙහෙයුම් 344 අතුරින් 20ක පූර්ණ කාලීන ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, මාතර – ඌරුබොක්ක, හම්බන්තොට – බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මුල්ල, අක්කරෛපත්තු, පොතුවිල්, තිරුක්කෝවිල්, මොණරාගල – බිබිලේ, අඹගස්දූව, බණ්ඩාරවෙළ, බෝගහකුඹුර, හල්දුමුල්ල, කන්දෙකැටිය, සීලතැටිය, අමුණුකැලේ, කැප්පෙටිපොළ යන ජලසම්පාදන ක්‍රමවල මෙලෙස මුර ක්‍රමය යටතේ සීමා සහිතව ජල සම්පාදනය සිදුකරනු ලබනවා.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ, පවතින තත්ත්වය හමුවේ අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි.

Example Image