hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 අගෝස්‍තු 15, පෙ.ව. 2:09



මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන මෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා.

ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද එම මණ්ඩලය දැනුම් දී ඇත.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය තුළ පාරිභෝගිකයින්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමේ දී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවයි.

කෙසේ වෙතත් වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන දුෂ්කරතා පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව ප්‍රකාශ කරන බවත් මේ මොහොතේ ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් එම මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර වාහන සේදීම, ගෙවතු වගාව ඇතුළු අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය භාවිත කිරීම අවම කර දෛනික කටයුතු සඳහා පමණක් ජලය භාවිත කිරීමට කටයුතු කරන ලෙස ද එම මණ්ඩලය ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: