hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 15, ප.ව. 2:56



ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර නඩේෂන් විසින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද රෝස මල් කූඩ විස්සක් ගුවන්තොටුපල ශාක නිරෝධාන ඒකකයේ නිලධාරීන් විසින් මෙරටට ඇතුළු කිරීම අත්හිටුවා තිබෙනවා.

ඊට හේතුව එම රෝස මල් කෘමීන් සිටින බව හඳුනාගන්නේ ගැනීමයි.

කොළඹදී පැවැත්වීමට තිබූ පූජාවකට යොදා ගැනීමට මෙම මල් ගෙනත් තිබූ ඒවා බවද වාර්තා වෙනවා.

මෙම භාණ්ඩ නිදහස් කරගැනීමට ඉහළ පෙලේ බලධාරීන් විසින් බොහෝ දුරකතන ඇමතුම් ලබාදී තිබුණත් ගුවන්තොටුපල බලධාරීන් එම මල් කූඩ මුදාහැරීම ප්‍රතික්ෂේප කර ඇති බව අයිලන්ඩ් පුවත්පත වාර්තා කරනවා.

සිද්ධිය මාධ්‍ය වෙත ලබා නොදෙන ලෙස තිරුකුමාර නඩේෂන් විසින් බලපෑම් කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.