hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2022 මැයි 23, ප.ව. 1:40



කුසල් මෙන්ඩිස් හදිසියේ රෝහල් ගත කර තිබෙන බව වාර්තා වනවා.

ඒ, බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතර වාරයේදී ඔහුට හදිසියේ ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්.

ක්‍රීඩා පිටියේ පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් ගේ පපුව ආශ්‍රිතව ඇතිවූ වේදනාවක් හේතුවෙන් ඔහු එලෙස ඩකා හි පිහිටි රෝහලක් වෙත ඇතුලත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බලධාරින් සැකපළ කරන්නේ කුසල් මෙන්ඩිස් ගේ පපුව ආශ්‍රීත මාංශ පේශීන් හී වේදනාවක් ඇතිවන්නට ඇති බවයි.

වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව කුසල් මෙන්ඩිස්ගේ ඉදිරි සෞඛ්‍ය තත්ත්වය ගැන තොරතුරු ලබා දෙන බව ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කළා.