hit counter

2025 ජූනි මස 09 වන සඳුදා

2023 අගෝස්‍තු 16, ප.ව. 4:28



ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර පැවැත්වීම වෙනුවෙන්, ඉපැරණි වත් පිළිවෙත් වලට අනුව කප් සිටුවීම සඳහා කප කැපීම අද (16) අලුයම 5.10 ට යෙදුණ සුබ මොහොතින් සබරගමු පුරවරයේ අළුත්නුවර දී සිදු කෙරුණා.

එය සිදු කෙරුණේ, මහා දේවාලය හෙවත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ ප්‍රධානත්වයෙන්.

අලුත්නුවර, ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය වෙත හස්තිරාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ ගෙන ආ කප පුද පූජා පවත්වා, පෙරහරින් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය දක්වා රැගෙන එන ලදී.

එය අද පස්වරු 04.10 ට සිව්මහා දේවාල වෙත කප බෙද‍ාදෙනු ලබන අතර, හෙට (17) දින පෙරවරු 06.12 යෙදෙන සුබ මොහොතින් එම දේවාලයන්හී කප් සිටුවා, අභ්‍යන්තර දේවාල පෙරහර ආරම්භ කිරීමට නියමිතයි.

සියවස් 3ක දුරාතීතයේ පටන් ඉටුකරනු ලබන මේ පෞරාණික චාරිත්‍රය, ‘කප’ යනු කණුවයි.

කණුවක් සිටුවා කැපවෙමි යන අර්ථයෙන් “කප් සිටුවීම” නමැති චාරිත්‍රය එදා සිට අද දක්වා නොනැසී පවතී.

මහනුවර ඇසළ පෙරහර උදෙසා කප් සිටුවීමට සුදුසු නැකැත් ශ්‍රී දළදා මාලිගාව මඟින් පිළියෙල කර දෙන නමුත්, දළදා මැදුරේ කප් සිටුවීමක් සිදු නොවේ.

එය සිදු කරනු ලබන්නේ මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන් විසින්.