2023 අගෝස්‍තු 17, පෙ.ව. 7:46
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට 2022 T20 ලෝක කුසලාන තරගාවලියට අදාළව චෝදනා එල්ල වන, ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති කෙටුම්පතට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිටු 200කට වැඩි ලියවිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
මෙම පිළිතුරු ලිපිය ඊට අදාළ ඇමිණුම්ද සමග 16 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යාංශය ඊට අදාළ නිර්දේශ සමග මෙය රජයේ විගණන කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.
කෙසේ වෙතත් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සඳහා පිළිතුරු බැඳීමට මෙම මස 26දා දක්වා කල් ඉල්ලා තිබුණද රජයේ විගණන කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51