hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2023 අගෝස්‍තු 22, පෙ.ව. 11:26



2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්ව ජය ගන්නට අමෙරිකාවේ ෂා කෙරි රිචඩ්සන්ට හැකියාව ලැබුණා.

ඒ අවසන් මහා තරගයේදී පස්වරක් ලෝක ශූරිය වූ ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆෙසර් ප්‍රයිස් සහ ශෙරිකා ජැක්සන් පරාජය කරමින්.

ෂා කෙරි රිචඩ්සන් තරගය අවසන් කරන්නට තත්පර 10යි දශම 65ක කාළයක් ගත කළා.

මෙම කාළය නව ලෝක ශූරතා වාර්තා ද වනවා.

දෙවැනි ස්ථානය හිමිකර ගන්නට ජැමෙයිකාවේ ශෙරිකා ජැක්සන් සමත් වුණා.

ඇය තරගය තත්පර 10යි දශම 72කින් අවසන් කළා.

ශෙලී ඈන් ෆෙසර් ප්‍රයිස්ට හිමිවුණේ තුන්වැනි ස්ථානයයි.