hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2023 අගෝස්‍තු 23, පෙ.ව. 11:48



පිලිකා රෝගී තත්ත්වය හේතුවෙන් දිර්ඝ කාලයක් තිස්සේ පීඩාවිදී සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හීත් ස්ට්‍රික් දිවිගමනෙන් සමුගත්තා.

හීත් ස්ට්‍රික් මිය යන විට 49 වැනි වියේ පසුවුණා.

සිම්බාබ්වේ දේශයෙන් බිහිවු වූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන හීත් ස්ට්‍රික් එක්දින තරග 189ක් සහ ටෙස්ට් තරග 65ක් ක්‍රීඩා කර තිබුණා.

එහිදි ඔහු ලකුණු 4,933ක් සහ කඩුලු 455ක් බිද දමන්නට සමත් වුණා.

2005 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් හීත් ස්ට්‍රික් අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කළා.

2021 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වංචා සහ දුෂණ පනතේ වගන්ති 5ක් කඩ කිරීමේ වරදට හීත් ස්ට්‍රික්ට වසර 8ක ක්‍රිකට් තහනමක් පනවන්නට ද පියවර ගත්තා.