2023 අගෝස්‍තු 25, පෙ.ව. 9:48
හොරණ ප්‍රදේශයේ සරුංගල් යවමින් සිටි දරුවෙකුට නාඳුනන පුද්ගලයෙකු පැමිණ දුන් අයිස් බීම පැකට්ටුවක් පානය කිරීමෙන් අසනීප වී තිබෙන පුවතක් වාර්තා වනවා.
එම දරුවා දෙමාපියන් විසින් හොරණ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පැවසෙන්නේ.
මෙම දරුවා වයස අවුරුදු 12ක හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම දරුවා වෙල් යායේ සරුංගල් යවමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විවෘත කරන ලද බීම පැකටුවක් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.
දරුවාට ලබා දුන් බීම පැකට්ටුව ප්‍රතික්ෂේප කලත් එය දරුවාට බලහත්කාරයෙන් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් එය පානය කිරීමෙන් අනතුරුව ක්ලාන්ත ගතියට පත්ව රෝහලට ඇතුළු කර ඇත.
කෙසේවෙතත් පොලිසිය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.
2026 ජනවාරි 03, පෙ.ව. 12:23
2026 ජනවාරි 03, පෙ.ව. 12:21
2026 ජනවාරි 03, පෙ.ව. 12:19
2026 ජනවාරි 03, පෙ.ව. 12:17
2026 ජනවාරි 03, පෙ.ව. 12:14