2023 අගෝස්තු 25, ප.ව. 2:32
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ පිහිටි අලංකාර දර්ශනය වූ ගල්පිට වැව් බැම්මේ කාලයක් තිස්සේ අලංකරණය වූ මාර ගස් කිහිපයක් මුලින්ම කපා බිම හෙලා දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසනවා.
මෙම මාර්ගයේ ගමන් ගන්නා බොහෝ දෙස් විදෙස් සංචාරකයන්ගේ නවාතැන්පළක් මෙන්ම ඉතා අලංකාරව දර්ශනය වූ සිත්ගන්නා සුළු වැව් බැම්ම සහ මාර ගස් මේ ආකාරයෙන් මීට දිනකට පමණ ඉහතදී කපා දමා ඇතැයි ජනතාව පෙන්වා දෙනවා.
ගලේවෙල දඹුල්ල ඒ 06 මාර්ගය හරහා ගමන් කරන බොහෝ ජනතාව මෙම ස්ථානයෙන් නවතා ආහාර පාන ලබා ගැනීම, ගමන් විඩාව නිවා ගැනීම, ඡායාරූප ලබාගැනීම ආදී සිදුකරන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.
මෙම ස්ථානයේ තරුණයකු වැව් මාළු අලෙවි කරන මේසයක් තබාගෙන වැව් මාළු අලෙවි කර ගනිමින් සිටි අතර එම වැව් මාළු අලෙවි කිරීම් නවතා දමන ලෙස වසම භාර ග්‍රාම නිළධාරිවරිය සහ කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරිනිය දැනුම් දුන් බවත් ඒ අනුව මෙම ගස් කපා දැමීමට අවැසි නිසා ඉවත්වන ලෙස දැනුම් දුන්නේ යැයි එම මාළු වෙළෙන්දා ඒෂියන් මිරර් අප සමග සඳහන් කළා.
කෙසේවෙතත් තමන් එම ස්ථානයෙන් ඉවත්ව යෑමට කැමැත්ත පළ කරන බවත් මෙම අලංකාර කාලයක් තිස්සේ තිබුණු ගස් කපා නොදමනලෙස දැඩි ලෙස ඉල්ලා සිටියා.
කෙසේවෙතත් තමන්ගේ මාළු වෙළඳාම ඉවත් කිරීම සඳහා තවත් කණ්ඩායමකගේ අවශ්‍යතාවය මත වැව සංවර්ධනය කරන මුවාවෙන් රාජ්‍ය නිලධාරීන් ගොවි සංවිධානය කීප දෙනෙකු එක්ව මෙම ගස් කපා බිම හෙලූ බව ද ඔහු චෝදනා කරන්නට වුණා.
තමන් මාළු අලවි කල මේසය හා අලංකරණයට තැබූ කැඩුණු ඔරු දෙකක් ද පුළුස්සා දමා මෙම ගස් කපා දමා තිබෙන බව ඔහු පැවසුවා.
ගලේවෙල ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරි වික්‍රමරත්න මහත්මියගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ගොවි සංවිධානය සහ ග්‍රාම නිළධාරිවරිය ශ්‍රමදානයක් පවත්වා වැව් බැම්ම සුද්ධ පවිත්‍ර කරන බවට පමණක් තමන් දැනුවත්ව ඇති බවයි.
කෙසේ වෙතත් මෙම ගස් කපා දැමීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවද මෙම වැවේ භාරකාරත්වය පවතින්නේ දඹුල්ල වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බවද සඳහන් කළා.
ඒ අනුව දඹුල්ල වාරිමාර්ග ඉංජිනේරු මලින්ද ජයතිලක මහතාගෙන් විමසීමේදී හෙතෙම කියා සිටියේ මෙම වැවට ජලය ලබා දීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදුකෙරෙන බවත් ගොවි සංවිධානය තම ආයතනය මගින් ලියාපදිංචි වී ඇති බවයි.
කෙසේවෙතත් මෙම වැවේ ප්රතිසංස්කරණයක් හෝ අළුත්වැඩියාවක් ගස් කැපීමක් ආදී කිසිදු තොරතුරක් තමන් වෙත ග්‍රාම නිළධාරිවරිය ගොවි සංවිධානය කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරිනිය ලබාදී නැති බවයි.
ගලේවෙල වැඩබලන ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් විමසීමේදී හෙතෙම කියා සිටියේ තමන් මෙම ගස් කැපීම්ක් හෝ සංවර්ධනයක් පිළිබඳව කිසිවක් දැනුවත් වී නොමැති බවයි.
ප්‍රධාන මාර්ගය ආසන්නයේ තිබුණු මෙම මාර ගස් ඉවත් කිරීම සඳහා ගලේවෙල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සහයෝගය ලබා දී ඇති බව ප්‍රදේශ්වාසීන් චෝදනා කරන්නේ.
පසුව අප ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ එම වසම භාර ග්‍රාම නිළධාරි වරිය තමාට දැනුවත් කොට රාජ්‍ය දැව සංස්ථාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගොවි සංවිධානය දැනුවත් කොට මෙම ගස් ඉවත් කිරීම් සිදු කරන නිසා මාර්ගයට අනතුරුක් සිදුවීම් වළක්වා ගැනීම සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා තිබුණු බවයි.
රථවාහන පොලිසියේ නිලධාරීන් එම අවස්ථාවට යෙදවූ බව හෙතෙම සඳහන් කළා.
කෙසේවෙතත් මෙම අලංකාර ගස් කපා දැමීම සම්බන්ධයෙන් පුවක්පිටිය වසම භාර ග්‍රාම නිළධාරිනිය වන බි චන්ද්‍රරත්න මහත්මියගෙන් අප විමසීමේදී ඇය කියා සිටියේ තමන්ට මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ කිරීමට අයිතියක් නොමැති බවයි.
කෙසේ වෙතත් ඇයට ලක් වන චෝදනාව සඳහා පිළිතුරු දීමේ අයිතිය ද ගරු කරමින් එම අවස්ථාව ලබාදුන් බවද අප ඇයව දැනුවත් කළ ද ඉන් කිසිවක් ප්‍රකාශ කිරීමට හෝ තමන්ට අයිතියක් නැති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
පසුව මෙම චෝදනාව එල්ල වී ඇති පුවක්පිටිය වසමේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිවරිය වන ආර්.ජි.එස්.එස්.විජේ කුමාරි මහත්මිය අප මේ පිළිබඳව විමසීමේදී ඇය දුරකථනයට ඇමතුම් ලබාගෙන විනාඩි කිහිපයක් ඇමතුමේ රැඳී සිටිමින් පසුව අපගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව දුරකථනය විසන්ධි කර දැමුවා.
අප එම දුරකතනයට නැවත ඇමතුමක් ලබා ගනිද්දී ඇයගේ දියණියක බව පැවසූ අයෙකු කියා සිටියේ තම මෑණියන් රාජකාරි කටයුත්තක නිරතව සිටින නිසා රාත්‍රී කාලයට පමණක් ඇමතුමක් ලබා ගන්නා ලෙසයි.
නැවත ඇයට අප දැනුවත් කළේ ඇයට එල්ල වන චෝදනාව සඳහා පිළිතුරු දීමේ අයිතියට ගරු කරමින් ඇයව දැනුවත් කිරීම් සහ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ලබා ගැනීම අවැසි බවයි.
ප්‍රතිචාරයක් නොදක්වා දුරකථනය විසන්ධි කළාය.
කෙසේ වෙතත් ගලේවෙල නගරයේ ඉතා අලංකාරව තිබුණු මෙම ස්ථානය මේ වන විට හිරු රශ්මිය වැටී පරිසර පද්ධතියම විනාශ වී ඇති අයුරු දැක ගැනීමට හැකි වුණා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06