2023 අගෝස්‍තු 28, පෙ.ව. 3:13
වෙල්ලායම් කුලයේ දෙමළ දේශපාලනඥයින් සිය පටු අරමුණු වෙනුවෙන් රට තුළ ජනවාර්ගික ගැටලු නිර්මාණය කිරීමට උත්සාහ කරන බව යාපනේ සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථන් පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ රූපවාහිනී සංවාදයකට එක්වෙමින්.
කුල භේදය පදනම් කරගනිමින් යාපනේ වැසියන් වසර 137 ක් පමණ පීඩාවට පත්ව සිටි බවත් කොටි ත්‍රස්තවාදීන්ගේ යුද්ධය ආරම්භවීමට මේ කුල භේදය පදනම් කරගත් පීඩනය යම්තාක් දුරකට හෝ හේතු වු බවත් ඔහු සඳහන් කළා.
යාපනේ කුළහීන දෙමළ ජනයාට ආගම ඇදහීමට ඉඩ නොදීම, ඉඩම්වල අයිතිය නොදීම මෙන්ම කිසිදු පොදු ස්ථානයකට ඒකරාශි වීම තහනම් කිරීමද , පාවහන් පැළඳීමට ඉඩ නොදීම හා කාන්තාවන්ට උඩුකය වැසීමට අවසර නොදීම ආදී මානුෂිකත්වයට කිසිසේත්ම නොගැලපෙන අන්දමින් යාපනේ අඩු කුලයේ වැසියන්ට සැළකූ බවට ඔහු මෙහිදී කරුණු ගෙනහැර පෑවා.
තිස් අවුරුදු යුද්ධය නිමවුවත් තවමත් පශ්චාත් යුධ මානසිකත්වය මෙන්ම ඒ හා බැඳුනු අවතැන්වීම, බෙදී වෙන්වීම, වැන්දඹුවීම, දික්කසාදය හා බෙදුනු කැඩුනු වෙන් වූ පවුල් වැනි සමාජීය ගැටළු රාශියකින් තාමත් උතුරේ වැසියා පීඩාවට පත්වන බවත් ඒ කිසිවෙකට උතුරේ කිසිදු දේශපාලඥයෙකු විසඳුම් ලබා නොදෙන අතර ඒවා දකුණේ දේශපාලඥයින්ගේ කරපිට පටවා ඔවුන් එයින් නිදහස් වන බවත් සිද්ධාර්ථන් පවසනවා.
උතුරේ වැසියන්ගේ ගැටළුවකට විසඳුමක් දීමට තබා අඩුම තරමේ කිසිදු උතුරේ දේශපාලඥයෙකු මහජන දිනයක්වත් නොපවත්වන බවත් ඔවුන් සියළු දෙනා කොළඹට වී හිඳින බවත් පවසන සිද්ධාර්ථන් අදද තේසවලාමේ නීතිය ව්‍යාගාර්ථයෙන් උතුරේ ක්‍රියාත්මක වන බවට කරුණු අවධාරණය කළා.
මේ ගැටළුවලට විසඳුම් ලබා දෙමින් කුලහීන යාපනේ වැසියන්ටත් අභිමානවත් මනුෂ්‍යයෙකු ලෙස ජීවත්වීමට අවැසි වටපිටාව නිර්මාණය කිරීමේ අරමුණින් තමා ඉදිරි දේශපාලන කටයුතු සඳහා අවතීර්ණ වන බවත් සිද්ධාර්ථන් වැඩිදුරටත් සඳහන් කළා.
2025 ජූලි 04, ප.ව. 3:54
2025 ජූලි 04, ප.ව. 12:56
2025 ජූලි 04, පෙ.ව. 9:20
2025 ජූලි 04, පෙ.ව. 12:31
2025 ජූලි 04, පෙ.ව. 12:30