hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 අගෝස්‍තු 28, පෙ.ව. 5:27



අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගවල ආරක්ෂාව සඳහා සවි කර ඇති සීනු හා විදුලි පද්ධති සවිකර වසරක් ගතවීමට පෙර ඉන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් අක්‍රිය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඒ අනුව එම ව්‍යාපෘතිය සඳහා වැය කරනු ලැබූ රුපියල් මිලියන 500කට ආසන්න මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ද ජාතික විගණන කාර්යාලය සඳහන් කරනවා.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂාව සඳහා සීනු හා විදුලි පද්ධති 200ක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම සීනු හා විදුලි පද්ධති සවි කර තිබුණා.

එම සීනු හා විදුලි පද්ධති සවි කර වසරක් ගතවීමටත් මත්තෙන් පහළ මාර්ගයේ සවිකළ සීනු හා විදුලි පද්ධති 142න් 60ක්, පුත්තලම මාර්ගයේ සවි කරනු ලැබූ සීනු හා විදුලි පද්ධති 46න් 34ක්, ඇතුළු සමස්ත සීනු හා විදුලි පද්ධති 94ක් ක්‍රියා විරහිතව පැවතුණු බව විගණනය මගින් අනාවරණය කර ඇත.

ගාල්ල – ලලිත් චාමින්ද

Example Image