2023 අගෝස්‍තු 27, ප.ව. 8:56
වවුනියාව, උක්කුලාන්කුලම හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 162,000 ක මුදලකට වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසුවා.
මෙම වෙන්දේසිය ඊයේ (26) සවස පවත්වා තිබුණේ කෝවිලේ වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙනුයි.
අදාල නෙද්දේසියේදී මෙම අඹ ගොඩිය මිලට ගනු ලැබුවේ වවුනියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සින්දුජා නමැති කාන්තාවක් විසින්.
අදාල කාන්තාව විසින් කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් ලබාදීම සඳහා එවැනි මිලකට මෙම අඹ ගෙඩිය වෙන්දේසියේදී මුදල් ලබා දී මිලදී ගැනීම සිදු වුණා.
උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබන අතර මීට පෙරද වවුනියාවේ හින්දු කෝවල්හි එක් අඹ ගෙඩියක් රුපියල් 95,000 ක මුදලකට සහ තවත් හින්දු කෝවිලක අඹ ගෙඩි 3 ක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වීම සිදු වුණා.
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:06