hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 29, ප.ව. 9:23



හෙට ආරම්භ වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සහභාගීවන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායක දසුන් ශානක ,උපනායක කුසල් මෙන්ඩිස් ,පැතුම් නිස්සංක ,දිමුත් කරුණාරත්න ,කුසල් ජනිත් පෙරේරා ,චරිත් අසලංක ,ධනංජය ද සිල්වා ,සධීර සමරවික්‍රම,මහීෂ් තීක්ෂණ ,දුනිත් වෙල්ලාලගේ ,මතීෂ පතිරණ ,කසුන් රාජිත ,දුෂාන් හේමන්ත,බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්.

ඒ අනුව ආබාධයන්ට ගොදුරු වු දුෂ්මන්ත චමීරට ,වනිඳු හසරංගට ,ලහිරු කුමාරට සහ ඩිල්ෂාන් මධුෂංකට මෙවර ආසියානු කුසලානය අහිමිව යනවා.

තරගාවලිය හෙට පාකිස්ථානයේ ආරම්භ වීමට නියමිත අතර පළමු තරගයේදී පාකිස්ථානය සහ නේපාලය තරග වැදීමට නියමිතයි.

ඒ පාකිස්ථානයේ මුල්තාන්හිදී.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය අනිද්දා බංග්ලාදේශය සමග පල්ලෙකැලේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.