2023 අගෝස්‍තු 31, පෙ.ව. 11:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
ඒ නේපාල කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගය ලකුණු 238ක දැවැන්ත ජයක් ලබාගැනීමත් සමගයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 342ක් රැස්කළා.
එහිදි නායක බාබර් අසාම් පන්දු 131ක දී හයේ පහර 04ක් සහ හතරේ පහර 14ක් සමඟ ලකුණු 151ක් සහ ඉෆ්තිකාර් අහමඩ් නොදැවී ලකුණු 109ක් ලබා ගත්තා.
මොහොමඩ් රිස්වාන් ලකුණු 44යි.
ලකුණු 343ක ජයක්ග්‍රාහී ඉලක්කයක් හඹායෑමය පිටියට පිවිසි නේපාල කණ්ඩායම පන්වාර 23යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 104ක් පමණයි.
ශාඩබ් ඛාන් කඩුළු 4ක් දවා ගත්තා.
තරගයේ වීරයා බාබර් අසාම්.
2026 ජනවාරි 12, ප.ව. 12:48
2026 ජනවාරි 11, පෙ.ව. 8:21
2026 ජනවාරි 09, ප.ව. 10:09
2026 ජනවාරි 08, ප.ව. 9:01
2026 ජනවාරි 08, පෙ.ව. 8:15