2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 10:31
ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවති ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්ථානය සමග තරගය ලකුණු 89කින් ජයගත් බංග්ලාදේශ කණ්ඩායම අවසන් කණ්ඩායම් හතර දෙනාගේ තරග වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසනයේදී කඩුලු 5ක් දැවී ලකුණු 334ක් ලබා ගත්තා.
යොවුන් බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙදෙනකු වන
මෙහෙදි හසන් ලකුණු 112ක් සහ නජ්මුල් හසන් ශැන්ටෝ ලකුණු 104ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 3කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 245ක් පමණයි.
ඉබ්‍රහිම් සද්‍රාන් ලකුණු 75ක් සහ නායක හෂ්මතුල්ලා ෂාහිඩි ලකුණු 51ක් ලබා ගත්තා.
ටස්කින් අහමඩ් ලකුණු 44කට කඩුලු 4යි.
ශෝරිෆුල් ඉස්ලාම් කඩුලු 3යි.
මේ අනුව B කාණ්ඩයෙන් බංග්ලාදේශය තරගාවලියේ මීළඟට පැවැත්වෙන සුපිරි හතර දෙනාගේ තරග වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.
ඒ දළ ලකුණු ලබා ගැනීමේ වේගය මතයි.
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39