2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 11:31
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගය අද පස්වරු 3.00 පාකිස්ථානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
B කාණ්ඩයෙන් දෙපිල අද තරගයට පිවිසෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගතහොත් අවසන් සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නවා.
මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අවම පරතරයකින් පරාජය වුවහොත් එහිදී ද ඔවුන්ට අවසන් හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නට අවස්ථාව හිමි වනවා.
ඒ දළ ලකුණු ලබා ගැනිමේ වේගය මතයි.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානය අවසන් හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නට නම් මෙම තරගය ඉහළ දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රදවා ගනිමින් ජය ගන්නයට සිදුවනවා.