2023 සැප්තැම්බර් 05, ප.ව. 12:28
සිය නිවුන් දරුවන් දෙදෙනාට කිරිපිටි මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුල්‍ය ශක්තියක් නොමැති වීම නිසා මාස කිහිපයක් හෝ දරුවන්ගේ ආහාර සඳහා කිරි පැකට් ලබාදෙන්නැයි නිවුන් දරුවන් සිව් දෙනෙකුගේ මව සහ පියා සමාජයෙන් ඉල්ලීමක් කර සිටිනවා.
මාතලේ රත්තොට වෙරළුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටින මිනින්දෝරු සහකාර සේවයේ නිරතව සිටින ඒ.එම්.සි.එම්. විමලසේන සහ ඩබ්ලිව්.එම්. නිමාශා දුලාංජලී දිසානායක යන පියා සහ මව මෙම ඉල්ලීම කරන්නට වුණා.
මේ දෙපළට කුළුදුලේ දියණියන් දෙදෙනෙකු නිවුන් දරුවන් ලෙස ඉපදුණු අතර එම දියණියන් දෙදෙනා මේ වන විට පස් වැනි වියේ පසුවනවා.
දෙවන දරු ප්‍රසූතියේදී මීට මාස කිහිපයකට ඉහතදී නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු ලැබුණු බවත් මව්කිරි ප්‍රමාණය අවම වීම නිසා වෛද්‍යවරුන් මෙම දෙදෙනාට ලැක්ටෝජන් ළමා කිරිපිටි වර්ගය නිර්දේශ කොට ඇතැයි ඔවුන් පවසනවා.
තම සැමියා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනින්දෝරු සහකාරවරයෙකු ලෙස සේවය කරන බවත් එයින් ලැබෙන වැටුප ආහාරපාන සඳහා, ලබාගත් ණය මුදල් සඳහා, දියණියන් දෙදෙනාගේ පාසල් අධ්‍යාපනය සඳහා සහ සේවයට යාම සදහා ප්‍රවාහනයට වියදම් කළ විට දරුවන්ට කිරිපිටි ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් ඉතිරි නොවන බව දරුවන්ගේ මව සඳහන් කළා.
එක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1950 වන බවත් මාසයකට කිරිපිටි පැකට් පහළවක් තම දරුවන් දෙදෙනාට අවැසි බවත් එම කිරිපිටි මිලදී ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති නිසා තම දරුවන් දෙදෙනාට කිරිපිටි පැකට් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටියා.
මෙම සිව් නිවුන් දරුවන් සිටින නිවසේ සතුට ඉතා ඉහළ මට්ටමකින් පවතින බවත් නිවුන් දියණියන් දෙදෙනා සිය මලනුවන් දෙදෙනා බෙදාගෙන සිටින බවත් ඔවුන් සිව්දෙනා ඉතා විනෝදයෙන් දෙමාපිය දෙපළ සමඟ ජීවත් වන බවත් මෙම මව සහ පියා සඳහන් කරන්නට වුණා.
2025 මැයි 29, පෙ.ව. 12:11
2025 මැයි 29, පෙ.ව. 12:08
2025 මැයි 29, පෙ.ව. 12:05
2025 මැයි 28, ප.ව. 1:43
2025 මැයි 28, ප.ව. 12:43