hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 2:06



1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඉඩම් හිමියන්ගේ සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් නිශ්චය කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබ ඇති 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත සඳහා අවස්ථා කිහිපයකදී සංශෝධන සිදුකරනු ලැබ ඇති නමුත්, එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටුනොවන බව පෙනී ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලැබ ඇති ගෙවල් කුලී නීතිය පිළිබඳ උපදේශක කමිටුව විසින් මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇත.

ඒ අනුව කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කර ගත් නව නීතියක් හඳුන්වා දීම සුදුසු බවට යෝජනා කර තිබෙනවා.

එම යෝජනා සැලකිල්ලට ගෙන 1972 අංක 7 දරන ගෙවල් කුලි පනත අවලංගු කිරීම සඳහා සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත නමින් නව පනතක් හඳුන්වා දීමටත් යෝජනා වී ඇත.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: