2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:08
එංගලන්ත ක්‍රීඩිකාවන් සිය මව් බිමේදී T20 තරගාවලියකදී පළමු වරට පරාජය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා.
ඒ 3 වැනි T20 තරගයෙන් ද කඩුලු 7ක් ජයක් වාර්තා කරමින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 19කදී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 116ක් පමණයි.
නායිකා චමරී අතපත්තු ලකුණු 21කට කඩුලු 3ක් ද ,උදේශිකා ප්‍රබෝධනී සහ කවීෂ ඩිල්හාරි කඩුලු 2ක් බැගින් දවා ගත්තා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17කදී කඩුලු 3ක් දැවී ලකුණු 117ක් ලබා තරගය ජය ගත්තා.
ඒ එංගලන්තයට එරෙහිව පළමු T20 තරගාවලි ජය ලෙසින් තරග 2 ට 1ක් ලෙස තරගාවලිය ජය ගනිමින්.
නායිකා චමරී අතපත්තු පන්දු 28කින් ලකුණු 44ක් ද ,අනුෂ්කා සංජීවනී ලකුණු 20ක් ද ,හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 26ක් ලබා ගත්තා.
ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම 2010 වසරෙන් පසුව ජාත්‍යන්තර T20 තරගාවලියක් පරජය වුණා.
තරගයේ සහ තරගාවලියේ හොදම ක්‍රීඩිකාව ලෙස චමරී අතපත්තු සම්මාන දිනාගත්තා.
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39