hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 2:34



මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින්ම සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබූ කුරුණෑගල මලියදේව විදුහලේ ආර්.ජී.මනුජය හංසමාල් නමැති ශිෂ්‍යයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැල්ලව පොලිසිය සඳහන් කරන්නේ ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව ඇතිවූ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔහු වැල්ලව පොලිස් බල ප්‍රදේශයට අයත් තෝරයාය – රණවන ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.

පසුගිය 07 වැනිදා රාත්‍රීයේ ඔහු නිවසේ නිදා සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවටයි පොලිසිය පවසන්නේ.

මියගිය තරුණයා පසුගිය වසරේ උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් දෙවැනි වරටද පෙනී සිට තිබෙනවා.

එම විභාගයේ පසුගියදා නිකුත් කරන ලද ප්‍රතිඵලවලට අනුව ඔහු B සාමාර්ථ තුනක් ලබමින් විභාගයෙන් සමත්ව සිට තිබෙනවා.

උසස් පෙළට පෙනී සිටි අතරේදීම ඔහු මහජන බැංකුවේ කුරුණෑගල – මල්ලවපිටිය ශාඛාවේ ගිණුම් ලිපිකරුවකු ලෙසද තාවකාලිකව රැකියාවක නිරතව සිට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Example Image