2023 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 7:38
නව සන්ධානයේ කණ්ඩායම් නායකයා ලෙස පත්කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පසුගියදා පැවැත්වුණු නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවයට එක්වුණේ නව සන්ධානය නියෝජනය කරමින් ගිය පළමු උත්සවය හැටියටයි.
පසුගියදා පාර්ලිමේන්තුවේද බොහෝ මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක්වුයේ නව සන්ධානය ගැන.
ඒ අතර පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වැඩි දෙනෙකු පාර්ලිමේන්තු ලොබියේ මෙන්ම මන්ත්‍රී භෝජනාගාරයේදී නව සන්ධානයේ තොරතුරු නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ නව සන්ධානයේ මන්ත්‍රී පිරිස හමුවී කතාබහ කළහ.එහි අලුත්ම තත්වය දැනගන්නට පොහොට්ටු මන්ත්‍රීවරුන්ට තිබුණේ දැඩි කුතුහලයක්.
“ඇමතිතුමා දැන් ඔබතුමාලගේ වැඩේට අපේ කට්ටිය හුඟ දෙනෙකුට කතාකරල නේද”පසුපෙළ මන්ත්‍රීවරුන් ලන්සා ගෙන් විමසුවා.
“නෑ..නෑ දැන් පොහොට්ටුවේ අයට කතාකරන්නේ නෑ,ඒ අය කොහොමත් ජනාධිපතිතුමාට උදව් කරනවනේ,දැන් බලන්න ඕනා එහෙම උදව් කරන්නේ නැති අය එකතු කරගන්න”ලන්සා මන්ත්‍රී පිරිස හමුවේ කිව්වා.
ඒ අතර වාරයේ අනුර යාපාට සුභ පැතුම් ගලාගෙන එන්නට වුණා.
“නායකතුමා සුභ පැතුම්”පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය දෙසට එන අනුර යාපාට කියද්දී “බොහොම ස්තුතියි මල්ලි“යැයි අනුර යාපා සිනාසෙමින් කිවේ ටයි පටියද අතගාමින්.
දේශපාලන වාර්තාකරු
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
06-08-25
06-08-25
20-06-25
20-06-25
12-06-25
12-06-25
10-06-25
10-06-25
08-06-25
08-06-25
05-06-25
05-06-25
03-06-25
03-06-25
23-05-25
23-05-25
22-05-25
22-05-25
18-05-25
18-05-25
14-05-25
14-05-25
16-04-25
16-04-25