hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 09, ප.ව. 8:52



පාස්කු මංගල්‍යයට පැමිණි බැතිමතුන් සිය ගණනකගේ ජීවිත අහිමි වූයේ ඇයි ද යන්න තවමත් පැහැදිලි නැතැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි.

මෙම ප්‍රහාරය පිටුපස සිටියේ අන්තවාදී තරුණ කණ්ඩායමක් නොවන බවයි, කාදිනල්තුමා ප්‍රකාශ කළේ. ප්‍රහාරය පිටුපස දැවැන්ත හස්තයක් ක්‍රියාත්මක වූ බව පැහැදිලි වෙමින් ඇතැයි ද එතුමා සඳහන් කරයි.

වරදක් කළේ නම් එය පිළිගන්නා ලෙසත් තමන් සමාව දීමට සූදානම් බවත් සඳහන් කළ කාදිනල්තුමා සිය ජනතාව පළිගැනීමට සූදානම් නොමැති බව ද අවධාරණය කරයි.

ඊයේ (08) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති දේව මෙහෙයක් අතරතුර කාදිනල්තුමා මේ බව ප්‍රකාශ කළා.