hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:58



දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙස පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීම නිල වශයෙන් සටහන් කර ඇති බවද වාර්තා වෙනවා.

මීට පෙර මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙස කටයුතු කලේ හිටපු ඇමැතිවරයකු හා ආණ්ඩුකාරවරයකු වූ හේමකුමාර නානායක්කාර මහතායි.

ඔහු දැන් එම පක්ෂයේ ජේෂ්ඨ නායකයා ලෙස කටයුතු කරයි.

මව්බිම ජනතා පක්ෂයේ දේශපාලන සලකුණ වන්නේ අහස් යානය යි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: