hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 10:52



ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 13,000සේ සීමාවට පැමිණි ක්‍රීඩකයා බවට පත් වන්නට ඉන්දියාවේ විරාත් කෝලිට හැකියාව ලැබුණා.

ඒ ආසියානු කුසලානයේ පාකිස්ථාන සමග කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් සිව්දෙනාගේ තරග වටයේ තරගයේදීයි.

මෙම තරගයේදී කෝලි සිය 47 වැනි එක්දින ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 122ක් ලබා ගත්තා.

විරාත් කෝලි එක්දින ලකුණු 13,000සේ සීමාවට පැමිණෙන්නට එක්දින තරග 278කට ක්‍රීඩාකරමින් ඉනිම් 267ක් වැය කර තිබුණා.

මෙම සීමාවට පැමිණි ලොව 5 වැනි ක්‍රීඩකයා විරාත් කෝලියි.

මීට පෙර සචින් ටෙන්ඩුල්කාර් ,සනත් ජයසූරිය ,කුමාර් සංගක්කාර සහ රිකී පොන්ටිං පමණක් එක්දින ලකුණු 13,000සේ සීමාවට පැමිණ තිබුණා.