hit counter

2025 ඔක්‍තෝබර් මස 21 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 11:14



2024 ආසියානු කුසලානයේ අවසන් හතර දෙනාගේ තරග වටයේ ඉන්දු – පාකිස්ථාන තරගයෙන් ලකුණු 228 දැවැන්ත ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 356ක් ලබා ගත්තා.

රෝහිත් ශර්මා ලකුණු 56ක් ද , ශුබ්මන් ගිල් ලකුණු 58ක් ද රැස්කළා.

විරාත් කෝලි පන්දු 94කින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් ද සමගින් නොදැවී ලකුණු 122ක් සහ ලෝකේෂ් රාහුල් පන්දු 106කින් නොදැවී ලකුණු 111ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානයට සියල්ලන් දැවී පන්දුවාර 32කදී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 128ක් පමණයි.

කුල්දීප් යාදෙව් ලකුණු 25කට කඩුලු 5යි.