hit counter

2026 ජනවාරි මස 19 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 9:38



යාපනය පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශයේ පැවති තාවකාලික පොදු  වෙළඳ සංකීරණය වෙනුවට ගම්වාසීන් විසින් මුදල් එක්කොට නව පොදු වෙළඳ සංකීරණයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සිදු වුණා.

නව පොදු වෙළඳ සංකීරණයේ  ඉදිකිරීම් සඳහා මුලගල තැබීම  උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශය ග්‍රාමීය ජනකොට්ඨාශයක් ජීවත්වන අතර මෙතෙක් තාවකාලික ගොඩනැගිල්ලක් තුල සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන ලදි.

ප්‍රමාණවත් පහසුකම් නොතිබීම හේතුවෙන් ප්‍රදේශයේ නිශ්පාදන අලෙවිකිරීමේ කටයුතුවල නිරත ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් වුණා.

මෙම ඉදිකිරීම් සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 35 ක් වූ අතර එම මුදල ප්‍රදේශවාසී ජනතාව විසින් කාලයක් පුරා එක්ව එකතු කිරීමෙන් අනතුරුව ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වූ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාලස් මහත්මිය ප්‍රකාශ කලේ මෙවැනි සංවර්ධන කටයුත්තක් සඳහා ප්‍රදේශයේ ජනතාවගෙන් මෙලෙස මූල්‍ය දායකත්වයක් ලැබීම රටටම ආදර්ශයක් බවයි.