hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 1:02



දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා පවසන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීමේ මූලික අරමුණ වන්නේ දේශපාලඥයින්ට යටත් වූ අධ්‍යක්ෂක මණ්ඩලයක් හරහා දුම්රිය දෙපාර්තමේන්තුව පාලනය කිරීම බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව භාණ්ඩාගාරයෙන් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉවත් කිරීම හරහා දේශපාලඥයන්ගේ අතට පාලනය ගැනීම මෙයින් සිදු වන බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන ආයතනයක් බවට පත්වී ඇත්තේ නිසි කළමනාකරණයක් නොමැති නිසා බවත් ඇතැම් නිලධාරින් ඇමතිවරුන්ගේ අතකොළු බවට පත්වී ඇති නිසා බවත් තවදුරටත් විතානගේ මහතා පවසනවා.

මෙයට පෙරද දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීමට ගත් උත්සාහයන් පැවති බවත්, නමුත් ඒවා පරාජය කිරීමට හැකි වූ බවත් ඒ මහතා පවසා සිටියා.

ගාල්ල – ලලිත් චාමින්ද