hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 4:02



සිසු හෙද පුහුණු පාඨමාලාව සඳහා ​ 3500 දෙනෙකු බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා.

2019 සහ 2020 යන වර්ෂවලින් ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස (උ.පෙළ) විභාගය සමත් සිසු සිසුවියන්ගෙන් 2023.09.15 දින සිට 2023.10.18 දින දක්වා අයදුම්පත් කැඳවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ කැඳවනු ඇති.

වැඩිදුර තොරතුරු 2023.09.15 දින රජයේ ගැසට් පත්‍රයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk වෙත පිවිසීමෙන් ලබාගන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: