hit counter

2025 මැයි මස 14 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 6:16



මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ලොකෝමෝටිව් ඉන්ජිනේරුවන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම නිවේදනය නිකුත් කරමින් කියා සිටින්නේ, වහා ම සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොකරන්නේ නම්, ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවයි.

ඉකුත් 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය, ධාවනාගාර කිහිපයක වර්ජනයක් ආරම්භ කර තිබූ අතර එම වර්ජනයට හේතුන් ලෙස ඔවුන් සඳහන් කළේ, වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක්, දුම්රිය ඒන්ජින් රියදුරු ශ්‍රේණියට වසර ගණනක සිට වැටුප් කේතයක් නොමැතිවීම, වැටුප් කේතයක් නොමැතිවීමෙන් බඳවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කළ නොහැකි වීම යන කාරණායි.

මෙම ගැටලුවලට විසඳුම් ඉල්ලමින් මේ වන විට ලොකෝමෝටිව් ඉන්ජිනේරුවෝ 84 දෙනෙක් වර්ජනයේ නියුතුව සිටිනවා.

මෙම තත්ත්වය හමුවේ අද දිනයේ ද දුම්රිය ගමන් වාර කිහිපයක් ම අවලංගු කර ඇති අතර, ඊයේ (12) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස නම් කරමින් ගැසට්ටුවක් ද නිකුත් කර තිබුණා.