2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:02
 
            
කැකිරාව තෙළඹීයාගම පදිංචි වයස අවුරුදු 11 ක් වූ සත්සරණී තෙන්නකෝන් පුංචි දියණියගේ අහිංසක ඉල්ලීමක් ඉටු කිරීම සඳහා ඔබේ සහය ඉල්ලා සිටිනවා.
මෙම පුංචි දියණියට සහෝදර-සහෝදරියන් හතර දෙනෙකු සිටින අතර පුංචි කාලයේ ඉතා දඟකාරව හැදුණු වැඩුණු මේ දියණිය වසර ගණනාවක සිට කොදුඇට පෙළේ ආබාධයකට ලක්වී මේ වන විට දරුණු ලෙස එය පැතිරගොස් ඇති අතර ඇයව සුවපත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 60ක මුදලක් අවශ්‍ය බව වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.
යුධ හමුදාවේ විශ්‍රාම ගිය පියා වන සිසිර කුමාර තෙන්නකෝන් මහතා තම සේසතම උගසට තබා රුපියල් ලක්ෂ 30 ක මුදලක් සොයාගෙන ඇති බවත් ඉතිරි ලක්ෂ 30 සොයා ගැනීමට නොහැකි වීම නිසා මෙම දියණියගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතීන බවත් දෙමාපියෝ ප්‍රකාශකර සිටිනවා.
ඉන්දියාවේ රෝහලක මෙම සැත්කම ඉක්මනින් සිදුකිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් දන්වා තිබෙන අතර මෙම දියණිය රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම දෙමව්පියන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් සොයාගෙන ඇති නිසා තමන්ට ඉතිරි රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා දෙන්නේ නම් අනෙක් මිතුරන් මිතුරියන් මෙන් තමන්ට ද ජීවිතය ජය ගැනීමට හැකි වනු ඇති බවයිි.
පාසලේදී සහ නිවසේ දී තමන් අත්විඳින වේදනාවන් පිළිබඳව ඇය අප සමග සඳහන් කළ අතර කෙසේ වෙතත් මෙම පුංචි දියණිය ගායනයට, නැටුමට, රංගනයට දක්ෂකම් පෙන්වන්නියකි.
ඇයගේ දක්ෂතා මත ඉදිරියට යෑමට නොහැකි වී ඇත්තේ පිටකොන්දේ ඇති මෙම වේදනාකාරී ස්වභාවය නිසා බව ඇය අප සමග සඳහන් කළා.
මේ දියණියට ඔබේ සහයෝගය ලබා දෙන්නේ නම් ඔවුන්ගේ ලිපිනය : එච් .එම් .නිලානි ඉනෝකා, තෙළඹීයාගම, කැකිරාව.
දුරකතන අංකය : 076 7363884
දඹුල්ල – කාංචන කුමාර ආරියදාස
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25