2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:01
 
            
සමහර කතා තියෙනවා ඒ මොහොතට සාමාන්‍ය විදිහට මුහුණ දුන්නත් පසුවට ආරංචි වෙන තවත් දේවල් එක්ක හරි අත්භූත ගතියක් දැනෙන.
අපි ඉස්සර අහලා තියෙන්නේ මිය ගියාට පස්සෙ තමන්ගෙ දුක් ගැනවිලි හීනෙන් හරි ඇවිල්ලා කියනවා නැත්නම් එයාගේ ආත්මය එයා ආස තැන්වලට යනවා වගේ කතා.
සමහර වෙලාවට මිය යන්න මොහොතකට කලින් ආස කල දේවල් මැරිලා හරි ඉටු කරගන්න යනවා කියලා කියන්නේ කතාවට හැබයි සමහර කතා මේ ලෝකේ ඇත්තටම වෙනවා.
මේ කතාවත් අන්න ඒ වගේ කතාවක්.අත්භූතයි…
සතියකට පෙර මියගිය වයෝවෘද්ධ පුද්ගලයකු කොට්ඨාසයේ ප්‍රධාන පරිපාලන නිලධාරිණියකගේ නිල කාමරයට ගොස් තමන්ට සිදුවු අසාධාරණයක් පිළිබඳ ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු පිටව ගොස් ඇති බව පැවසෙන පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට සමීප ප්‍රධාන රාජ්‍ය ආයතනයකින් පසුගිය දා අසන්නට ලැබිණි.
මෙලෙස පැමිණි පුද්ගලයා තමන්ට සිදුවූ අසාධාරණ ක්‍රියාව පිළිබඳ වාචිකව ද වැදගත් කරුණු රැසක් පවසා ඔහුගේ පාදයේ තිබූ තුවාලයක් ද උසස් නිලධාරිණියට පෙන්වා කාර්යාලයෙන් පිටව ගොස් ඇති බව වාර්තා විය.
අනතුරුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම නිලධාරිණිය සහ තවත් නිලධාරීන් පිරිසක් වයෝවෘද්ධ පුද්ගලයා ජීවත් වූ බව පැවසෙන නිවසට ගොස් ඇති අතර එහිදී නිවැසියන් පවසා ඇත්තේ කාර්යාලයට ලිපිය භාරදුන් බව පැවසෙන දින පවුලේ ඥාතියා මියගොස් සිටි බවත් මියගිය පුද්ගලයා වෙනුවෙන් පවත්වන සත් දවසේ දානමය පින්කම ද පෙර දිනයේ දී පැවැත්වූ බවත් පවසා ඇත.
කොට්ඨාසයේ දුප්පතුන්ට සමීප මුල්‍ය ආයතනයක ඉහළ පෙළේ නිලධාරිණියකගේ ක්‍රියා කලාපය තමන්ට සහ ජනතාවට මහත් හිරිහැරයක් බවත් ඒ පිළිබඳ සොයා බලා සාධාරණයක් ඉටු කරන ලෙසත් මෙම වයෝවෘද්ධ පුද්ගලයා ලිපිය මගින් ඉල්ලා ඇති බව පැවසේ.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25