hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 4:06



රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම මාස කිහිපයක කුමන්ත්‍රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඒ රට තුළ ආර්ථික බංකොලොත්භාවය ඇති වීමේ හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේදියි.

මේ අතර එම තේරීම් කාරක සභාව හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

රට තුළ ආර්ථික බංකොලොත්භාවය ඇති වීමට හේතු සෙවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙවන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ වත්මන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කැඳවනු ලැබුවා.